චීන විදේශ ඇමතිවරයා චීනයේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රංශ විදේශ ඇමතිනියට පැහැදිලි කරයි
2022-11-02 10:51:50
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ ඇමති වං යී මහතා ප්‍රංශ විදේශ ඇමතිනි Catherine Colonna මහත්මිය සමග දුරකථන සංවාවදයක නිරත‍ වෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රයේ දැවැන්ත හා තිරසර වැදගත්කම පිළිබඳව එහිදී වං යී මහතා ප්‍රංශ විදේශ ඇමතිනිය වෙත පැහැදිලි කර තිබේ. එම කොංග්‍රසය නිකුත් කළ චීන සංවර්ධන ඉදිරි දැක්ම හා දෙස් විදෙස් ප්‍රතිපත්ති, විපර්යාසයන් ගෙන් සැලෙමින් පවතින ලෝකයට ස්ථිරබව මෙන්ම, ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා බලවත් ධනාත්මක ශක්තියක් එකතු කරනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය. ප්‍රංශය පිළිබඳව වුවද යුරෝපා සංගමය පිළිබඳව වුවද ස්ථාවර හා තිරසර ප්‍රතිපත්ති අනුගමනය කරන චීනය එම දෙපාර්ශ්වය සමග පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ඉදිරියට ගෙන යාමට දායක වීමට කැමති  බව වං යී මහතා අවධාරණය කර ඇත.

චීනය සමග අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කරමින් ලෝක සාමය හා ස්ථාවරත්වය පොදුවේ සුරැකීමට ප්‍රංශය කැමති බව Catherine Colonna මහත්මිය මෙහිදී කියා සිටියාය. 

දෙපාර්ශ්වය යුක්‍රේන ගැටළු ඇතුළු ප්‍රශ්න සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත්හ.

ගුවන් විදුලිය
20230327සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම