5වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය වසරේ ගෝලීය ආර්ථික ප්‍රකෘතිමත්භාවයට නව ජීවයක්
2022-11-02 18:45:18
Share with:

ලබන 5වැනි දා පැවැත්වීමට නියමිත 5වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය වසරේ ගෝලීය ආර්ථික ප්‍රකෘතිමත්භාවයට නව ජීවයක් ගෙන දෙනු ඇති බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද(2) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

5වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ලබන 5වැනි දා සිට 10වැනි දා දක්වා ෂංහැයි නුවරදී පැවැත්වෙයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයෙන් පසු චීනය පවත්වන ප්‍රථම ජාත්‍යන්තර ප්‍රදර්ශනය ද මෙයයි.

මෙම ප්‍රදර්ශනයේ සාර්ථකත්වය චීනය ලෝකය වෙත සිය වෙළඳපොළ විවෘත කිරීමේ හා අවස්ථා බෙදා ගැනීමේ අධිෂ්ඨානය හා විශ්වාසය පෙන්නුම් කර ඇති අතර, එය තවදුරටත් සනාථ කෙරෙනු ඇති බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා කියා සිටී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම