රුසියාවේ ධාන්‍ය හා පොහොර අපනයනයට පවතින බාධා ඉවත් කරන ලෙසට චීනයෙන් ඉල්ලීමක්
2022-11-01 16:04:45
Share with:

රුසියාවේ ධාන්‍ය හා පොහොර අපනයනයට පවතින බාධා ප්‍රායෝගික ලෙස නිරාකරණය කරන මෙන් චීනය ඉල්ලයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය උප නියෝජිත Gengshuang මහතා ඊයේ(31) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කළු මුහුදු වරාය සම්බන්ධ කෘෂි නිපැයුම් ප්‍රවාහන ගිවිසුම පරීක්ෂා කළ අවස්ථාවේ දී මේ බව සඳහන් කළේ ය.

එම ගිවිසුම අත්සන් කර මාස 4ක පමණ ගතවී ඇති අතර එය, ගෝලීය ධාන්‍ය මිල ඉහළ යාම වැළැක්වීමට සක්‍රීය සවියක් දී ඇති බව හෙතෙම පවසයි. රුසියාවේ ධාන්‍ය හා පො‍හොර අපනයන ජාත්‍යන්තර වෙළඳපොළට වැදගත් ය. රුසියාව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම සැබෑ ලෙස බලාත්මක විය යුතු ය. සාකච්ඡා මාර්ග වලින් පමණක් යුක්රේන අර්බුදය විසඳිය හැකි බව ද Gengshuang මහතා කියා සිටී.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම