නව ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අද සිට
2022-10-31 17:08:01
Share with:

නව ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අදින් ඇරඹෙයි. ඒ පිළිබඳ සමාරම්භක අවස්ථාව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේදි  පැවැත්වේ.

ආදායමට සරිලන විශ්‍රාම වැටුපක් තෝරාගත හැකිවිම, වියපත් වනවිට හා ඉහළ යන ජීවන වියදමට සරිලන පරිදි විශ්‍රාම වැටුප වැඩිවිම, අනතුරකදි හෝ රෝගාබාධයකදී ප්‍රතිලාභ හිමිවීම සහ කලත්‍රයාටද විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලැබීම මෙහි ඇති විශේෂත්වයයි.

මේ පිළීබඳ වැඩි විස්තර කෘෂී රක්ෂණ මණ්ඩලයේ කාර්යාල වලින් හා ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් ලබාගත හැකිය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම