චීන විදේශ ඇමතිවරයා සහ ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා අතර දුරකථන සංවාදයක්
2022-10-31 16:37:58
Share with:

චීන විදේශ ඇමතිවරයා ඇරයුමකට අනුව ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා සමග දුරකථන සංවාදයක නිරත වෙයි. අද ( 31 ) පැවති එම සංවාදයේ දී ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මහතා ප්‍රකාශ කළේ  චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය හා එහි වාර්තාව වෙත තම රට ඉහළ අවධානයක් දක්වන බවයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු, රාජ්‍ය මණ්ඩල සාමාජිකයෙකු මෙන් ම විදේශ අමාත්‍ය වං යී මහතා එහිදී සඳහන් කළේ පසුගිය දා නිමාවූ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය එක්සත්භාවයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී හා උද්‍යෝගිමත් සම්මේලනයක් බවයි. ලෝක සාමය අඛණ්ඩ ව ආරක්ෂා කිරීමේ හා පොදු සංවර්ධනය තහවුරු කිරීමේ චීන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තිමය මූලධර්මය මෙන් ම විවෘතභාවය පිළිබඳ මූලික ජාතික ප්‍රතිපත්තියේ චීනය අඛණ්ඩ ව එල්බ සිටීම එම සම්මේලනය මගින් පිළිබිඹු කෙරේ. ඇමරිකාවට සැබෑ ලෙස චීනය පිළිබඳව අවබෝධ කරගැනීමට අවශ්‍ය වන්නේ නම්, 20වන ජාතික කොංග්‍රස වාර්තාව සියුම් ව අධ්‍යයනය කළ යුතුය. චීන-ඇමරිකා සබඳතාව යථා තත්ත්වයට යළි කැඳවා ගැනීම, දෙරටේ පොදු ප්‍රතිලාභ වලට අනුකූල වනවා පමණක් නොව, ජගත් ප්‍රජාවේ පොදු අපේක්ෂාව බවට පත් වනු ඇති බව ද චීන විදේශ අමාත්‍යවරයා කියා සිටියේ ය.

මීළඟ අදියරේ දෙපාර්ශ්වයේ සබඳතාව උදෙසා චීනය සමග එක්ව සහයෝගිතා පවත්වමින් දෙරටේ සබඳතාවේ පදනම පිළිබඳව සාකච්ඡා කිරීම ඇමරිකාවේ අපේක්ෂාව බව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම