ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කේබල් පාලමක් කැඩී යාමෙන් පුද්ගලයින් සියයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂය‍ට
2022-10-31 09:54:36
Share with:

බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කේබල් පාලමක් කැඩී යාමෙන් මේ වන විට පුද්ගලයින් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. ඊයේ (30) මෙම අනතුරු සිදුවන විට පාලම මත සිය ගණනක පිරිසක් සිට ඇති අතර, බොහෝ පිරිසක් තවමත් ජලයේ සිරවී සිටිති.

මෙම කේබල් පාලම මොබි කලාපයේ මර්කු ගඟ හරහා ඉදිකර තිබූ අතර එය වසර සියයක් පමණ පැරණි බව ප්‍රාදේශීය බලධාරීහූ පවසති. මෑතකදී ප්‍රතිසංස්කරණය කරන ලද එම පාලම පසුගිය 26වැනිදා සිට නැවත මහජනතාව සඳහා විවෘත කෙරිණ. අනතුරට හේතුව පාලමට දැරිය හැකි ධාරිතාව ඉක්මවා යාම විය හැකි බව පැවසේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම