චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය පිළිබඳ ප්‍රචාරක වැඩසටහන් මාලාවක් ආසියාවේ දී
2022-10-30 17:32:56
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය පිළිබඳ ප්‍රචාරක වැඩසටහන් මාලාවක් ආසියාවේ රටවල් රැසකදී පැවැත්වෙයි. 

චීන මාධ්‍ය සමූහය සංවිධාන කරන ලද “නව ගමනේ පොදු ඉරණම” නමින් යුතු ප්‍රචාරක වැඩසටහන් මාලාවක් මෑතකදී තුර්කිය, ලාඕසය, පීලිපීනය හා නේපාලය යන ආසියානු රටවලදී පැවැත්විණ.

රටවල් කිහිපයක අත්දැකීම් සහිත, තුර්කියේ ප්‍රවීණ රාජ්‍යතාන්ත්‍රික  නිලධාරි Hakan Okcal මහතා අදාළ වැඩසටහනට එක්වෙමින් පැවසුවේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ, ග්‍රාමීය දිළිඳු ජනතාව මිලියන සියයකට ආසන්න පිරිසක් පූර්ණ දිළිඳුභාවයෙන් මුදාගෙන උසස් දිවි පැවැත්මක් සහතික කර ඇති  බවයි. එසේම  එමගින් ලෝක සාමය හා ස්ථාවරත්වය තහවුරු කිරීමට හා ලෝක ආර්ථීක වර්ධනයට ද වැදගත් දායකත්වයක් සැපයුණු බව ඔහු කියාසිටියේය.   

“නව ගමනේ පොදු ඉරණම” වැඩසටහනට එක් වූ ලාඕසයේ Luangphabang පළාත් සභාවේ නියෝජ්‍ය ලේකම් SuKanh Bounyong මහතා ප්‍රකාශ කළේ, චීනය හා ලාඕසය ඒකාබද්ධව ඉදිකළ චීන-ලාඕස දුම්රිය මාර්ගය, ලාඕසයේ පළමු ප්‍රමිති දුම්රිය මාර්ගය වන බවත්, එය එරට ජනතාවට සැබෑ ජයග්‍රහණ ලබා දී  ඇති බවත්ය.

පිලිපීන-BRICS රටවල උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ නිර්මාතෘ Herman Laurel මහතා සඳහන් කළේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයේ වාර්තාවෙන් ප්‍රකාශිත පුළුල් කරුණු ඉතා වැදගත් වන අතර,  චීනයේ අනාගත දිශානතිය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාව දැක්වූ අවධානයට ඉන් පූර්ණ ප්‍රතිචාර දක්වා ඇති බවයි. චීනයේ සංවර්ධනය වත්මන් ලෝකයට වඩා නිශ්චිතභාවයක්, ස්ථාවරත්වයක් සහ ධනාත්මක ශක්තියක් රැගෙන එනු ඇතැයි ද හෙතෙම කියාසිටී.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම