2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
2022-10-30 17:31:20
Share with:

මෙරට සාහිත්‍යකරණයේ නියැලී සිටින විශිෂ්ටයෝ ඇගයෙති. ඒ වෙනුවෙන් වාර්ෂිකව සංවිධාන කෙරෙන 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 28 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ.

රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව 65 වන වරට සංවිධාන කෙරුණු මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී “රාජ්‍ය සාහිත්‍ය සම්මාන” 40ක් සහ “සාහිත්‍ය රත්න” සම්මාන 03ක් ප්‍රදානය කෙරිණ.

කලාකරුවෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සාහිත්‍යරත්න සම්මානයෙන් මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමනි ජයසේකර, ටී.ඥානසේකරන් යන මහත්ම මහත්මීහු සිංහල, ඉංග්‍රීසි, දෙමළ යන මාධ්‍ය තුනෙන් සම්මානයට පාත්‍රවූහ.

2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ වෙනුවෙන් එළිදැක්වුණු සමරු කලාපය  ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම