ඉන්දියාවේ සීනි නිෂ්පාදිත අපනයන සීමා ප්‍රතිපත්ති අඛණ්ඩව
2022-10-30 16:54:22
Share with:

සීනි නිෂ්පාදිත අපනයන සීමා තවත් වසරකින් දීර්ඝ කරන බව ඉන්දියාව ප්‍රකාශ කරයි.

රුසියානු-‍යුක්‍රේන අර්බුදය තීව්‍ර වීමත් සමගම ගෝලීය ආහාර මිල අඛණ්ඩව ඉහළ යාම නිසා, දේශීය වෙළඳපොළේ සීනි සැපයුම සහතික කිරීම සඳහා සීනි නිෂ්පාදිත අපනයන සීමා ප්‍රතිපත්තිය ලබන වසරේ ඔක්තෝබර් 31 වැනිදා තෙක් දීර්ඝ කරන බව, ඉන්දීය රජය පසුගියදා ප්‍රකාශ කර ඇත. රේගු බදු අඩුකිරීමේ කෝටා ගිවිසුම යටතේ, යුරෝපා සංගමය හා ඇමරිකාවට සිදුකෙරෙන සීනි නිෂ්පාදිත අපනයනයන් මෙම සීමාවලින් නිදහස් වන බව ද දැනුම් දී තිබේ.

2021 ඔක්තෝබර් මාසයේ සිට 2022 සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ එරට සමස්ත සීනි නිෂ්පාදිත අපනයන ප්‍රමාණය ටොන් එක්කෝටියක් දක්වා අඩු කර තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම