දකුණු කොරියාවේ තෙරපුමකින් 153 ක පිරිසක් ජීවිතක්ෂයට
2022-10-30 16:11:40
Share with:

දකුණු කොරියාවේ සෝල් අගනුවර,  Itaewon දිස්ත්‍රික්කයේ ඊයේ (29) රාත්‍රී පැවති හැලෝවීන් සැමරුමක දී හටගත් තෙරපුමකින් 153 ක පිරිසක් ජීවිතක්ෂයට පත්වෙති. තුවාල ලබා ඇති පිරිස 100ක් ඉක්මවා ගොස් ඇත. මියගිය පිරිස අතර විදේශිකයන් 10 දෙනෙකු ද සිටින බව ප්‍රාදේශීය ගිනිනිවීමේ හමුදා බලධාරීහු පවසති.

දකුණු කොරියානු ජනාධිපති Yoon Suk-yeol මහතා අනතුර සිදුවූ පරිශ්‍රය අද (30) පෙරවරුවේ නිරීක්ෂණය කර ඇත. අගනුවර ජනප්‍රිය රාත්‍රී සමාජ ශාලාවක් ආශ්‍රිත පටු මාර්ගයක දී මෙය සිදුව තිබේ. හැලෝවීන් සැමරුමට එක්වූ අතිවිශාල පිරිස හේතුවෙන් මෙහි දැඩි තදබදයක් උද්ගත වූ බව කියැවේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම