G7 සහාය පිළිබඳ සාකච්ඡාවක්
2022-10-30 17:32:08
Share with:

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ණය අර්බුදයට සහන සැලසීම සඳහා ජී-7 කණ්ඩාය‍මේ සාමාජික රටවල දැඩි අවධානය යොමුවෙයි.

ඒ සම්බන්ධයෙන් ගත හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ග පිළිබඳව, ජී-7 සාමාජික රටවල මෙරට තානාපතිවරුන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සෙව්බර්ට් (Holger Sewbert) මහතාගේ ප්‍රධානත්වයෙන් එය ඊයේ (29) පවත්වනු ලැබීය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා මූලික සාධකයක් වන්නේ ණය ප්‍රතිව්‍යහුගතකරණයයි. ශ්‍රී ලංකා‍වේ ප්‍රධාන ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යහුගතකරණ ක්‍රියාවලියේ දී ජී-7 කණ්ඩායමේ රටවල දායකත්වය ලබාදිය හැකි ක්‍රම‍වේද මෙහිදී සාකච්ඡාවට ලක්වූ බව ජර්මානු තානාපතිවරයා ට්විටර් පණිවුඩයක සඳහන් කර ඇත.   ඇමරිකාව,කැනඩාව, ප්‍රංශය,ඉතාලිය, ජපානය හා බ්‍රිතාන්‍යය යන රටවල තානාපතිවරු මෙම රැස්වීමට සහභාගි වූහ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම