චීන-මොන්ටිනිග්‍රෝ සබඳතා අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීමට මොන්ටිනිග්‍රෝ ජනාධිපතිවරයා අපේක්ෂා කරයි
2022-10-29 15:58:40
Share with:

චීන-මොන්ටිනිග්‍රෝ සහයෝගිතාවන් අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින අතර ද්විපාර්ශ්වික සහයෝගතා තවදුරටත්  ප්‍රවර්ධනය සිය අභිලාෂය බව මොන්ටිනිග්‍රෝ ජනාධිපති Milo Đukanović මහතා පවසයි.

හෙතෙම පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවති වි‍ශේෂ සම්මුඛ සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය. දෙරටේ සාම්ප්‍රදායික මිත්‍රත්වයට දිගු ඉතිහාසයක් පවතින බව Milo Đukanović මහතා සඳහන් කළේය. නව යුගයේදී දෙරට අඛණ්ඩව අන්‍යොන්‍ය විශ්වාසය සහිතව එකිනෙකාගේ සංවර්ධනය කිරීමේ නිදහසට ගරු කරනු ඇතැයි හෙතෙම විශ්වාස පළ කරයි. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඇතුළු විවිධ සහයෝගිතා ක්‍රමවේද තුළින් දෙර‍ටේ සහයෝගිතා මට්ටම අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර ගෙවී ගිය වසර ගණනාවක් තුළ ද්විපාර්ශ්වික ආයෝජන හා වෙළඳ නිමැවුම කැපී ‍පෙනෙන ලෙස වර්ධනය වී ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

යුරෝපය බලශක්ති සැපයුම් ප්‍රශ්නයට මුහුණ දී ඇති අවස්ථාවක, නව බලශක්තිය සංවර්ධනය කිරීමේදී මොන්ටිනිග්‍රෝ රාජ්‍යයට නව අවස්ථා හමු  වනු ඇති බව හෙතෙම එහිදී පැවසීය. චීන ජනතාවගේ වර්ධනය වෙමින් පවතින ජීවන තත්ත්වයන් සමඟ සංචාරක කර්මාන්තය දෙරට සහයෝගිතාවේ මනා අපේක්ෂාවක් යැයි ද Milo Đukanović මහතා සඳහන් කළේය.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම