රට තුළ ප්‍රමාණවත් වී තොග පවතින බව වී අලෙවි මණ්ඩලය පවසයි
2022-10-29 14:54:05
Share with:

වී අලෙවි මණ්ඩලය සතුව වී මෙට්‍රික්ටොන් 7070 ක සංචිතයක් පවතින බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

රට තුළ ප්‍රමාණවත් වී තොග පවතින බැවින් ඉදිරියේදී සහල් හිඟයක් ඇති වීම සම්බන්ධයෙන් අවදානමක් නොමැති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

වෙළෙඳපොළ තුළ සහල් මිලෙහි අඩු වැඩිවීම සලකා බලමින් අසීමිත ලෙස සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් වී අලෙවි මණ්ඩලය සතු සංචිත, සහල් බවට පත් කරන බවද කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

කෙසේවෙතත් මේ වන විට වෙළෙඳපොළේ සහල් මිල ඉහළ යාම පාලනය කිරීමට හැකියාව ලැබී ඇති බවත් සහල් ආනයනය සහ ආධාර ලෙස වෙනත් රටවලින් සහල් තොග ලැබීම ඊට හේතු වී ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම