චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව පිළිබඳ චින්තනය ලාඕස ජනාධිපතිවරයා ඉහළින් අගය කරයි
2022-10-29 16:20:00
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව පිළිබඳ චින්තනය මානවයන්ට වඩා සුන්දර ලෝකයක් නිර්මාණය කිරීමට ඉවහල් වන බව ලාඕස ජනාධිපතිවරයා පවසයි.  

ලාඕසයේ මහජන විප්ලව පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති Thongloun Sisoulith මහතා පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවති වි‍ශේෂ සම්මුඛ සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය.

පසුගිය වසරේ විවෘත කෙරුණු චීන -ලාඕස දුම්රිය මාර්ගය ලාඕසය සහ ලාඕසයේ ජනතාවගේ අභිමානයක් බවට පත්ව ඇත.එම නවීන දුම්රිය මාර්ගය මගින්  ලාඕසයේ සිට මුහුදු ප්‍රදේශය වෙත භාණ්ඩ ප්‍රවාහන ජාලයක් බිහිවී ඇති බවත් අසල්වැසි වෙනත් රටවල සමඟ පහසුවෙන් සම්බන්ධ වී ලාඕසයේ ආයෝජන හා සංචාරක කර්මාන්තයට  ඉවහල් වන බවත් හෙතෙම පැවසීය. එම දුම්රිය මාර්ගය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ ඉදි කෙරිණ.එම වැඩපිළිවෙළට අනුබල දෙන මෙන්ම  සක්‍රීයව එක්ව සිටින  ලාඕසයට ඉන් විශාල ජයග්‍රහණ  හිමිව ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ෂී ජින්පිං මහතා විසින් ඉදිරිපත් කරන ලද ගෝලීය සංවර්ධන යෝජනාව,ගෝලීය ආරක්ෂක යෝජනාව හා පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව යෝජනාව සක්‍රීය අර්ථයන් ගෙන් යුතුය. ලෝකයේ සැබෑ සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය සාක්ෂාත් කිරීම සඳහා අදාළ යෝජනා හා චින්තනයට අනුබල දෙමින් එය ප්‍රවර්ධනය  කිරීමට ලාඕසය කැමැත්තෙන් සිටී. චීනය හා සමානව, ලාඕසය සංවර්ධනය වෙමින් පවතින රටකි. බහු ධ්‍රැවීය ලෝකයක් ගොඩනගා ගෝලීයකරණය වර්ධනය කර ජීවත්වීමට වඩාත් සුදුසු ලෝකයක් තැනීමට දෙරට එක්ව කටයුතු කළ යුතු බව ලාඕස ජනාධිපති Thongloun Sisoulith මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම