ඇමරිකාවේ 2022 න්‍යෂ්ටික තත්ත්ව සමාලෝචන වාර්තාව සීතල යුධ මානසිකත්වයෙන් සපිරි බව චීනය පවසයි
2022-10-29 17:11:19
Share with:

ඇමරිකාවේ 2022 න්‍යෂ්ටික තත්ත්ව සමාලෝචන වාර්තාව, නිරායුධකරණ කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ චීන තානාපති Li Song මහතා විවේචනය කරයි.

එම සීතල යුධ මානසිකත්වයෙන් සපිරි වාර්තාව, රටවල් අතර තරඟය සහ කඳවුරු ගැටුම් උද්දීපනය කළ අතර, නිරපේක්ෂ හමුදා ආධිපත්‍යයක් සොයන ඇමරිකාවේ අධිපතිවාදී තර්කය පිළිබිඹු කරන බව Li Song මහතා ඊයේ (28) එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ නිරායුධකරණ හා ජාත්‍යන්තර ආරක්ෂක කමිටුව අමතමින් පැවසීය. න්‍යෂ්ටික යුද්ධය සහ න්‍යෂ්ටික අවි තරඟය වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර පොදු අපේක්ෂාවන් එම වාර්තාවෙන් සුන්වන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

එම වාර්තාව චීනයේ විධිමත් න්‍යෂ්ටික බල නවීකරණ ප්‍රයත්නය ඊනියා න්‍යෂ්ටික තර්ජනයක් ලෙසට සාවද්‍ය ලෙස ප්‍රචාරය කිරීමට උත්සාහ කරයි. ඒ පිළිබඳව චීනය දැඩිව විරුද්ධ වන බව Li Song මහතා අවධාරණය කළේය.


ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම