ඊශ්‍රා‍යල පලස්තීන පොදු ආරක්ෂාවේ වැදගත්කම එක්සත් ජාතීන් ගේ චීන උප ස්ථාවර නියෝජිතයා අවධාරණය කරයි
2022-10-29 15:03:17
Share with:

 ඊශ්‍රා‍යල පලස්තීන පොදු ආරක්ෂාව උදාකර ගැනීමේ අවශ්‍යතාව එක්සත් ජාතීන් ගේ චීන උප ස්ථාවර නියෝජිත Geng Shuang මහතා පෙන්වා දෙයි.වත්මන් තත්ත්වය මගින් එම දෙපාර්ශ්වය අතර පොදු ආරක්ෂාවේ වැදගත්කම යළිත් ඉස්මතුවන බව හෙතෙම කියා සිටී. ජනාවාස ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වයේ අඛණ්ඩ අස්ථාවරභාවයක් මෑත කාලය තුළ දක්නට ලැබිණ. මෙය චීනයේ දැඩි කණස්සල්ලට ලක්ව ඇති කරුණක් බව‍ හෙතෙම ආරක්ෂක මණ්ඩලය හමුවේ පැවසීය.

උපරිම ඉවසීමෙන් ක්‍රියා කරන ලෙසටත් පවතින තත්ත්වය තීව්‍ර කරන කවරාකාරයේ හෝ ක්‍රියාවන් ගෙන් වැළකී සිටින ලෙසටත් සියළු පාර්ශ්වවලින් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේ ය.

භූමියේ සෘණාත්මක ප්‍රවණතාවන් ආපසු හැරවීමට සියළු උත්සාහ ගනිමින් තත්ත්වය හැකි ඉක්මණින් සමනය කරන ලෙසටත් අදාළ පාර්ශ්ව වලින් ඉල්ලීමක් කෙරේ.දෙපාර්ශ්වය අතර සාම සාකච්ඡා යළි ඇරඹීමට ජගත් ප්‍රජාව පහසුකම් සැලසිය යුතුය.රටවල් දෙකක් යන පදනම මත දිගු කාලීන විසඳුමක් සොයා ගත යුතු බවද චීන ‍නියෝජිතයා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම