එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයන් සහ විදුලිබල ඇමතිවරයා අතර සාකච්ඡාවක්
2022-10-28 16:24:53
Share with:

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයෝ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමග සාකච්ඡාවකට එක්වෙති.

එය ඊයේ (27) බලශක්ති අමාත්‍යාංශයේ දී පවත්වනු ලැබීය.

ඊජිප්තුවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව, මෙරට පුනර්ජනනීය බලශක්ති ප්‍රතිපත්ති හා විකල්ප ඉන්ධන භාවිතය යන කරුණු කෙරෙහි මෙහිදී  අවධානය යොමුව තිබේ. හරිත ඉලක්ක ප්‍රවේශය වෙනුවෙන් මූල්‍ය සහය ලබාගැනීම සහ ඊට අදාළව බලශක්ති ක්ෂේත්‍රයේ ක්‍රියාවට නංවන වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම