චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ මහලේකම් ධුරයට තේරීපත් වූ ෂී ජින් පිං මහතාට ජාත්‍යන්තර නායකයන්ගෙන් සුබ පැතුම්
2022-10-28 10:53:53
Share with:

ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ මහලේකම් ධුරයට තේරී පත්වීම පිළිබඳව විවිධ රටවල රාජ්‍ය නායකයෝ හා දේශපාලන පක්ෂ නායකයෝ සුබ පැතුම් පිරිනමති.

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය හෘදයංගම සුබ පැතුම් පිරිනමින් ෂී ජින් පිං මහතා සමග එක්ව, දෙරට සබඳතා වර්ධනය සඳහා සවිබල සපයන බව පවසා ඇත.

පිලිපීනයේ ෆෙඩරලිස්ට් පක්ෂයේ සභාපති සහ ජනාධිපති Ferdinand Romualdez Marcos මහතා පැවසුවේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ නව මධ්‍යම කාරක සභාව සමග එක්ව ප්‍රයත්න දරමින් පිලිපීන-චීන සබඳතාව තහවුරු කර, දෙරටේ සංවර්ධනය, කලාපීය සාමය හා ස්ථායිතාව වෙනුවෙන් දායකත්වය ලබාදීම තම අපේක්ෂාව බවයි.

ෂී ජින් පිං මහතාට සුබ ප්‍රාර්ථනා කරන ඉතාලි ජනාධිපති Sergio Mattarella මහතා, සාමය හා ප්‍රගමනය තහවුරු කිරීමට දෙපාර්ශ්වයම මනා ශක්තියකින් යුතුව ප්‍රයත්න දැරිය යුතු බව කියාසිටී.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම