රුපියල් බිලියන 1.8 ක ඖෂධ ආධාර චීනයෙන්
2022-10-28 16:22:21
Share with:

චීන මානුෂීය ආධාර වැඩසටහනේ, දෙවන අදියරේ පියවරක් ලෙස රුපියල් බිලියන 1.8 ක ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙරේ. එය ඊයේ (27) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රදානය කෙරිණ.

ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත භාරදෙනු ලැබුවේ මෙරට චීන තානාපති  Qi Zhenhong මහතා විසිනි. වකුගඩු, ජලභීතිකා, පෙනහලු ආසාදන, පිළිකා ආදී රෝග සඳහා මෙන්ම ප්‍රතිශක්තිකරණ ඖෂධ තොගයක් මීට ඇතුළත් ය

චීන මානුෂීය ආධාර දෙවන අදියර යටතේ මේ වනවිට  රුපියල් බිලියන 3ක් වටිනා ඖෂධ මෙරටට ලැබී තිබේ. තවත් ඖෂධ තොගයක් ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට ද නියමිත ය. මෙම ඖෂධ දැඩි අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ලබාදීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව චීන තානාපති කාර්යාලය පවසයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම