හරිතාගාර වායු සාන්ද්‍රණයේ වාර්තාගත ඉහළයාමක්
2022-10-27 11:01:51
Share with:

හරිතාගාර වායු සාන්ද්‍රණය 2021 දී වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසයි

පෘථිවි වායුගෝලයේ ප්‍රධාන හරිතාගාර වායු තුන වන කාබන් ඩයොක්සයිඩ්, මීතේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ්  සාන්ද්‍රණය 2021 දී වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය  සිය නවතම හරිතාගාර වායු විමසුම නිකුත් කරමින් ඊයේ (26) ප්‍රකාශ  කළේය.

හරිතාගාර වායු විමෝචනය අවම කර අනාගතයේදී ගෝලීය උෂ්ණත්වය තවදුරටත් ඉහළ යාම වැලැක්වීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව නවතම හරිතාගාර වායු විමසුම මගින් නැවත වරක් අවධාරණය කරන බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ මහලේකම් Petteri Taalas සඳහන් කළේය. ඔහු පැවසුවේ වඩාත්ම හදිසි ප්‍රමුඛතාව, කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කපා හැරීම බව යි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම