බහුපාර්ශ්විකත්වය අඛණ්ඩව ප්‍රවර්ධනය කරන ආසියානු යටිතල පහසුකම් අයෝජන බැංකුව
2022-10-27 10:13:22
Share with:

පසුගිය වසර හතක ක්‍රියාකාරීත්වය තුළ, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව භාවිත කළ විවිධාකාරයේ ප්‍රාග්ධන වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 85කි.

චීනය විසින් යෝජනා කර ආරම්භ කරන ලද නව ආකාරයේ ජාත්‍යන්තර බහුපාර්ශ්වික ආයතනයක් ලෙස, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව පසුගිය වසර හත තුළ, බහුපාර්ශ්විකත්වය ප්‍රවර්ධනය කරමින් ව්‍යාපාර සහ ආයතනික වශයෙන් ස්ථාවර හා වේගවත් සංවර්ධනයක් අත්කර ගෙන ඇත. මේ වන විට, එහි ආරම්භක සාමාජිකයින් 57ක සිට මහාද්වීප හයකින් සාමාජිකයින් 105ක් දක්වා වර්ධනය වී ඇත. එසේම, ව්‍යාපෘති 191ක් අනුමත කරමින් පුද්ගලික අංශය ඇතුළුව ඇමෙරිකානු ඩොලර් බිලියන 85කට වැඩි ප්‍රාග්ධන භාවිත කර ඇති අතර, ආසියානු අභ්‍යන්තර සහ බාහිර කලාපීය සාමාජික රටවල් 33 කට ඉන් ප්‍රතිලාභ ගෙන දී ඇත.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපතිවරයා පැවසුවේ අනාගතයේ දී, සාමාජිකයින්ට හරිත ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගැනීමට සහ පුළුල් ආර්ථික ප්‍රකෘතියකට සහාය වීම සඳහා මූල්‍ය ක්‍රම සහ මෙවලම් නව්‍යකරණය අඛණ්ඩව සිදු කරන බවයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම