චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ මහලේකම් ධුරයට තේරී පත්වූ ෂී ජින් පිං මහතාට ‍රාජ්‍ය හා දේශපාලන පක්ෂ නායකයන් ගෙන් උණුසුම් සුබ පැතුම්
2022-10-26 10:56:21
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ මහලේකම් ධුරයට තේරී පත්වූ ෂී ජින් පිං මහතා වෙත විවිධ රටවල රාජ්‍ය නායකයෝ හා දේශපාලන පක්ෂ නායකයෝ සුබ පැතුම් පිරිනමති.

එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය සාර්ථක ව අවසන් වීම පිළිබඳව සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනමා තිබේ. ෂී ජින් පිං මහතා යළිත් මහලේකම් ධුරය පත්වීම සම්බන්ධයෙන් සුබ පතන රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකාව හා චීනය අතර සබඳතාව ඉදිරියේ දී වඩාත් විශාල ප්‍රගතියක් අත්කර ගනු ඇති  බවට අපේක්ෂා පළ කර තිබේ.

ජපානයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සභාපති සහ එරට අග්‍රාමාත්‍ය Fumio Kishida මහතා සඳහන් කළේ ජපානය හා චීනය, කලාපීය හා ලෝක සාමය හා සෞභාග්‍යය සුරැකීමට උර දී සිටින බවයි. දෙරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව සාමාන්‍යකරණයේ 50වැනි සංවත්සරය නිමිත්තෙන් තමා හා ෂී ජින් පිං මහතා සුබ පැතුම් පණිවිඩ හුවමාරු කර ගත් බව ද හෙතෙම කියා සිටී. දෙපාර්ශ්වයන්ගේ එකඟතාවන් එහිදී සිහිපත් කෙරිණ. ෂී ජින් පිං මහතා සමග අදහස් හුවමාරුව තහවුරු කරගනිමින්, දෙරටේ ජනතාව හා ජගත් ප්‍රජාව වෙත ජපාන-චීන සබඳතා වර්ධන ඉදිරි දැක්ම පෙන්නුම් කිරීමට කැමති බව Fumio Kishida මහතා පවසයි.

බංග්ලා‍දේශ අවාමි ලීගයේ සභාපතිනී, අග්‍රාමාත්‍ය Sheikh Hasina මහත්මිය පවසන්නේ ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ පොදු ඉරණම සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීම ඉදිරියට මෙහෙයවීමේ සංකල්පය බංග්ලාදේශයේ ඉහළ ඇගයීමට ලක් ව ඇති බවයි. ෂී ජින් පිං මහතා සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික සංවර්ධනයන්ට දිගුකාලීන ව දක්වා ඇති සහාය කෙරෙහි ඇය ස්තුතිය පළ කර තිබේ.

දකුණු කොරියා ජනාධිපති Yoon Seok-Youl මහතා සඳහන් කරන්නේ ෂී ජින් පිං මහතා සමග සමීප අදහස් හුවමාරු හා සහයෝගිතා මගින් කොරියා අර්ධද්වීපයේ හා ඊසානදිග ආසියාවේ සාමය, ස්ථායිතාව හා සමෘද්ධිය රැකීමට කැමැත්තෙන් සිටින බවයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම