බ්‍රිතාන්‍ය නව අගමැති යටතේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ජනපති පවසයි
2022-10-26 18:20:01
Share with:

බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ රිෂී සුනාක් මහතා යටතේ තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය පළකරයි. බ්‍රිතාන්‍ය නව අගමැතිවරයාට සුබ පැතුම් පණිවුඩයක් යොමුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

සුනාක් මහතා සතු  අත්දැකීම් අගමැති ධුරයේ වගකීම් ඉටුකිරීමේදී බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇතැයි වික්‍රමසිංහ මහතා කියාසිටී. ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය සාම්ප්‍රදායික ඉතිහාසයක් සතු රටවල් දෙකකි. නොබැඳි රටවල් අතර පවතින ගෝලීය  ප්‍රතිපත්තීන්ට අනුකූලව දෙරට සබඳතා වැඩිදියුණු කරගැනීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩයේ දක්වා ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම