අනාගත චීනයේ වේගවත් ආර්ථික වර්ධනයට පදනමක් සැපයූ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය
2022-10-26 11:07:11
Share with:

වර්තමාන ගෝලීය ප්‍රවණතාවයන් අනුව චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය ඉතා වැදගත් වේ. ෂී ජින් පිං ජනාධිපතිවරයා මෙවර කොංග්‍රසයේ නායකත්වය දරමින්, ඉදිරි වැඩපිළිවෙල පිළිබද අදහස් දැක්වීම සුවිශේෂී අවස්ථාවක් විය. ඒ සමගම එළඹෙන නව යුගය, චීනයේ අභ්‍යන්තරයේ මෙන්ම චීනයේ විදේශ ප්‍රතිපත්තිය තුළ ඉදිරියට දැවැන්ත වර්ධනයක් සිදු වීමේ අවකාශයක් ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යානාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හසිත් කන්දඋඩහේවා මහතා පවසයි.

එක් තීරයක් එක් මාවතක් ප්‍රතිපත්තිය වඩාත් කේන්ද්‍රීයව ඉදිරියට ගෙන යාමට ඉදිරි කාලය තුළ චීනයට අවස්ථාව ලැබෙනු ඇත. ඒ හරහා ඉදිරි වසර පහ තුළ ලෝකය තුළ නව ආකාරයේ දේශපාලන මූලෝපායික ප්‍රවණතාවයක් ඇති වීමේ ප්‍රවණතාවයක් ද පවතී.

චීනයේ ආර්ථික විවෘතක‍රණය ද අනාගතයේ දී තවදුරටත් පුළුල් වීමේ ඉඩකඩක් පවතී. ඒ අනුව මෙවර කොංග්‍රසයේ ප්‍රතිපත්තිමය තීරණ, චීනය ආර්ථික වශයෙන් වඩාත් ශක්තිමත් වීමේ මූලික පදනමක් ලෙස විග්‍රහ කළ හැකි බව ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හසිත්කන්දඋඩහේවා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම