එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ වටිනාකම හා මූලධර්මය ජගත් මහලේකම්වරයා අවධාරණය කරයි
2022-10-25 16:19:35
Share with:

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ වටිනාකම හා මූලධර්මය ආරක්ෂා කරන්නැයි ජගත් මහලේකම්වරයා ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී. 

ජගත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ඊයේ(24) වීඩියෝ ආකාරයෙන් දේශනයක් පවත්වමින් මේ බව පැවසීය. ඔක්තෝබර්  24 වැනිදාට යෙදුණු එක්සත් ජාතීන්ගේ දිනය හෙවත් ජගත් සංවිධානය ස්ථාපිත කිරීමේ 77 වන සංවරත්සරය නිමිත්තෙන් ඔහු එම දේශනය පවත්වා ඇත. වර්තමානයේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ වටිනාකම හා මූලධර්මය ආරක්ෂා කිරීම මින් පෙර කිසිදු අවස්ථාවකට වඩා වැදගත් බව හෙතෙම එහිදී පැවසීය.

වත්මන් ලෝකය විවිධ අභියෝගයන්ට මුහුණ පා සිටී. නව කොරොනා වසංගතය අඛණ්ඩව පැතිර යාම, ජාත්‍යන්තර ආරක්ෂක තත්ත්වය නොසන්සුන් වීම, ආර්ථීක පුනරුත්ථාපනයට විවිධ බාධා මතුවීම වැනි අර්බුද ඒ අතර ප්‍රධාන වන බව ද ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ප්‍රකාශ කළේය.   

එක්සත් ජාතීන්ගේ මහ සම්මෙලනයේ සභාපති Csaba Kőrösi මහතා ද ඊයේ (24) ලිඛිත දේශනයක් නිකුත් කර ඇත. වර්තමානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කළ යුතු හදිසි කාර්යයන් දෙක වන්නේ  අර්බුද පරිපාලනය හා ඒවායේ ව්‍යුහය වෙනස් කිරීම බව ඔහු එමගින් පෙන්වා දී තිබේ. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ පද්ධතිය හා සියලු සාමාජික රටවල් දායක විය යුතු බවද හෙතෙම පවසා ඇත.  

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම