Rishi Sunak මහතා බ්‍රිතාන්‍ය අගමැති ධුරයට
2022-10-25 19:15:39
Share with:

Rishi Sunak මහතා බ්‍රිතාන්‍ය අගමැති ධුරයට පත්වෙයි. බකිංහැම් මාලිගයේදී තුන්වන චාල්ස් රජු හමුවීමෙන් පසු හෙතෙම එරට නව අගමැති වශයෙන් පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඊයේ (24) පැවති පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව තරඟයෙන් හිටපු අමාත්‍ය Rishi Sunak  ජයග්‍රහණය කළේය.  

මේ අතර, ධුරයෙන් ඉවත්ව යන බ්‍රිතාන්‍ය අගමැතිනි Elizabeth Truss මහත්මිය අගමැති කාර්යාලයේ පැවති අවසන් කැබිනට් රැස්වීමෙන් පසු සමුගැනීමේ දේශනය පැවැත්වූවාය. 47 හැවිරිදි  Truss මහත්මිය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ කෙටිම කාලයක් අගමැති ධුරය දැරූ පුද්ගලයායි.




ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම