ඇමරිකාවේ ආර්ථික අවපාතයක් හටගැනීම වැළැක්විය නොහැකි බව ආර්ථික විද්‍යාඥයෝ පවසති
2022-10-25 10:01:56
Share with:

ඇමරිකාවේ ආර්ථික අවපාතයක් හටගැනීම වැළැක්විය නොහැකි බව විවිධ ආර්ථික විද්‍යාඥයෝ පවසති.

ඇමරිකාවේ වත්මන් ආර්ථික තත්වය සම්බන්ධයෙන් බොහෝ ආර්ථික විද්‍යාඥයන් අශුභවාදී හැඟීමක් පළ කර තිබේ.

ඇමරිකානු ජාතික වාණිජ ආර්ථික සංගමය විසින් ඊයේ(24) නිකුත් කරන ලද ඔක්තෝබර් ව්‍යාපාරික තත්ත්ව සමීක්ෂණ වාර්තාවට අනුව, ඊට සහභාගි වූ ආර්ථික විද්‍යාඥයන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් විශ්වාස කරන්නේ, ඇමරිකාව දැනටමත් ආර්ථික අවපාතයක පසුවන බව හෝ වසරක් ඇතුළත එවන් තත්ත්වයකට මුහුණ පාන බවයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම