ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත්කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට මෙරට තරුණ ප්‍රජාවට ද දායක විය හැකියි - ජනපති
2022-10-25 18:52:58
Share with:

වසර 2048 වනවිට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කරගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට මෙරට තරුණ තරුණියන්ටද දායක විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ‘2048 සංවර්ධිත රාජ්‍යයක් කරා යන ගමනේ තරුණ වේදිකාව’ වැඩසටහනට එක්වෙමින්, ජනාධිපතිවරයා මේ බව පැවසීය.   

පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවලට තරුණ තරුණියන් 5 දෙනෙකු බැගින් පත්කිරීම, යොවුන් පාර්ලිමේන්තුව නීතිගත කිරීම මෙන්ම යෝජිත ජන සභා ක්‍රමය මගින් තරුණ ප්‍රජාවට පෙරට ඒමට අවස්ථාව සලසා දී තිබේ. අරගලයට සම්බන්ධ වූ එහෙත් ප්‍රචණ්ඩත්වයට යොමුනොවූ කණ්ඩායම්වලට ඒ සඳහා එක්වන්නැයි දැනටමත් ඇරයුම් කර ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.

රටේ සමාජ, ආර්ථික, දේශපාලන කරුණු මෙන්ම වත්මන් තරුණ පරපුර මුහුණ දී ඇති ගැටලු පිළිබඳව ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට එම සාකච්ඡාවේදී අවස්ථාව සලසා තිබිණ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම