ගුරු සේවය සඳහා අලුතින් 11000 ක්
2022-10-24 17:28:39
Share with:

ලබන වසරේදී ගුරු සේවය සඳහා නව ගුරුවරුන් 11000 ක් බඳවාගැනීමට රජය තීරණය කරයි. පළාත් සහ ජාතික පාසල්වල පවතින පුරප්පාඩු පිරවීම එහි අරමුණයි.

මෙම වසර අවසානයේදී ගුරුවරුන් 8000ක් සහ විදුහල්පතිවරුන් 3000ක පමණ පිරිසක් විශ්‍රාම යාමට නියමිතය. එම පුරප්පාඩු පිරවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට අයදුම්පත් කැඳවා තිබේ.

උපාධිධාරී රැකියා යෝජනා ක්‍රමය යටතේ බඳවාගෙන විවිධ රාජ්‍ය ආයතනවල සේවය කරන සංවර්ධන නිලධාරීන්ට ද මීට සම්බන්ධ විය හැකිය.

මෙම බඳවාගැනීම් සඳහා වයස් සීමාවක් අදාළ නොවේ. කෙසේ වෙතත්, ඔවුන් වසර තුනක් ඇතුළත ජාතික අධ්‍යාපන ආයතනය විසින් පවත්වන ඉගැන්වීම් ක්‍රම පිළිබඳ ඩිප්ලෝමාවක් සම්පූර්ණ කළ යුතුය.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් සමත් වන සිසුන්ට ද මීට ඇතුළත් විය හැකිය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම