රාජ්‍ය දැව සංස්ථාවේ රුපියල් කෝටි 373 ක ලාභයක්
2022-10-24 17:27:51
Share with:

රාජ්‍ය දැව සංස්ථාව 2022 වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට රුපියල් කෝටි 373 ක ලාභයක් උපයා ගනී.

අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමක දී මේ බව ප්‍රකාශ කෙරිණ.

රාජ්‍ය දැව සංස්ථාව, උසස් ප්‍රමිතියෙන් යුත් දැව නිෂ්පාදන සපයන එකම රාජ්‍ය ආයතනයයි. දැව භාණ්ඩ ආනයනය අත්හිටුවා තිබීම හේතුවෙන් දැව සංස්ථාවේ ගෘහභාණ්ඩ නිෂ්පාදන සඳහා මෙරට ඉහළ ඉල්ලුමක් පවතී.

මේ වසර අවසන් වන විට සංස්ථාවේ ආදායම තවත් කෝටි 25 කින් පමණ ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.                                 දැව සංස්ථාව විදේශ විනිමය උපයන ආයතනයක් බවට පත්කිරීම රජයේ මූලික ඉලක්කයකි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම