සංචාරක කර්මාන්තය නැංවීමට කඩිනම් වැඩපිළිවෙළක්
2022-10-24 17:29:29
Share with:

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකසන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දෙයි. 2023 වසර වනවිට සංචාරකයන් 850 000 ක් මෙරටට ගෙන්වා ගැනීම රජයේ  ඉලක්කය යි. 

සංචාරක ක්ෂේත්‍රය මුහුණදෙන ගැටලු පිළිබඳව පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙම උපදෙස් දී ඇත. විදේශ ප්‍රවර්ධන කටයුතු සඳහා අරමුදල් ප්‍රේෂණය, මෙරට සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර තලයේ ධනාත්මක ආකල්ප ඇතිකිරීම යන කරුණු කෙරෙහි ද සාකච්ඡාවේ අවධානය යොමුවිය. 

මෙරටට පැමිණෙන සංචාරකයන්ට ඔවුන්ගේ සමස්ත සංචාරය ආවරණය කෙරෙන ජංගම දුරකථන යෙදවුමක් ලබන වසර මුල දී  හඳුන්වාදෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසීය. ඉන්දියානු සිනමාපට මෙරට රූගත කිරීමට පහසුකම් සැලසීමේ හැකියාව සහ පාපැදි සවාරි මගින් සංචාරක ආකර්ෂණය දිනාගැනීමේ ක්‍රමවේද සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ. 

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම