මෝටර් රථ අමතර කොටස් සහ රූපලාවන්‍ය උපකරණවලට පනවා තිබෙන ආනයන සීමා ඉවත් කිරීමට අවධානය
2022-10-22 15:39:47
Share with:

මෝටර් රථ අමතර කොටස් සහ රූපලාවන්‍ය උපකරණවලට පනවා තිබෙන ආනයන සීමා ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

එම ක්ෂේත්‍රවල නිරතවන්නන්ගේ ඉල්ලීම් සලකා බලා ආනයන සීමා ඉවත් කරන බවද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

විනිමය අර්බුදය හේතුවෙන් ඉකුත් අගෝස්තු මස 23 වැනිදා භාණ්ඩ වර්ග1465ට ආනයන සීමා පැනවූ අතර විටින් විට ඉන් භාණ්ඩ 708ක ආනයන සීමා මේ වන විට ඉවත්කර තිබේ.

කටුනායක ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රජ්‍ය ඇමතිවරයා  එම අදහස් පළ කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම