සංචාරක කර්මාන්තයේ ගැටලු කඩිනමින් නිරාකරණය කරන ලෙසට ජනාධිපතිවරයා ගෙන් උපදෙස්
2022-10-22 15:40:39
Share with:

සංචාරක කර්මාන්තයේ ගැටලු කඩිනමින් නිරාකරණය කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දෙයි.

ලබන වසරේ සංචාරක ක්ෂේත්‍රයේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට  කඩිනම් වැඩපිලිවෙක් ඔස්සේ ක්‍රියා කරන ලෙසට  ජනාධිපතිවරයා විසින් දැනුම් දී තිබේ.සංචාරක ක්ෂේත්‍රයේ  මතුව ඇති ගැටලු සහ එහි ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කෙරිණ. ලබන වසර වන විට සංචාරකයන් අටලක්ෂ පනස් දහසක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් එම සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීම තුළින් ඉදිරියේදී මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ නංවා ගත හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම