සාධාරණ බව, විවෘත බව මෙන්ම සහයෝගිතාව සහිත ගෝලීය හවුල්කාරී සබඳතාව ගොඩනැගීමට කැප වන චීනය
2022-10-21 16:42:24
Share with:

සූපය රසවත් වන්නේ විවිධ රස මිශ්‍ර කර ගැනීම හේතුවෙන් යැයි චීනයේ පැරණි කියමනක් තිබේ. චීන උත්තරීතර නායක ෂී ජින් පිං මහතා මෙම වාක්‍යය උපුටා දක්වමින් පැහැදිලි කර ඇත්තේ විවෘත භාවය හා වෙනස්කම් පිළිගැනීම සහිත මූලධර්මය මත නව ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගැනීමට චීනය කැප වන බවයි. ෂි ජින් පිං මහතා පැවසුවේ වෙනස් ශිෂ්ටාචාර අතර ඉහළ හෝ පහළ, හොඳ හෝ නරක වැනි වෙනස්කම් නොමැති අතර ලක්ෂණ හා ප්‍රදේශ අතින් වෙනස්කම් පමණක් ඇති බවයි.

පසුගිය 16 වනදා ආරම්භ වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි කොංග්‍රසයට ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් ශිෂ්ටාචාර විවිධත්වය ගරු කරමින් ශිෂ්ටාචාර අතර හුවමාරු හා අන්‍යෝන්‍ය අධ්‍යයනය මගින් පරස්පරතා  හා ගැටුම් අභිබවා ඒකාබද්ධව ගෝලීය අභියෝග වලට මුහුණ දී ප්‍රතිචාර දැක්විය යුතු බවයි.

ප්‍රායෝගික ක්‍රියා මගින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම අනුගමනය කරන  චීනය ගෝලීය පාලනය වඩාත් සාධාරණ මෙන්ම යුක්ති සහගත දිශාව දෙස ගමන් කිරීම ප්‍රවර්ධනය කිරීමෙන් විවිධ රටවල් සමග වඩාත් සුන්දර අනාගතයක් බිහි කිරීමට උත්සාහ දරමින් සිටී.

ගුවන් විදුලිය
20230322බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම