ශ්‍රී ලංකාවේ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපතිවරයා පවසයි
2022-10-21 19:00:13
Share with:

ශ්‍රී ලංකාවේ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කර ආර්ථික ස්ථායීතාව ඇති කිරීමට කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මහ කොළඹ ආර්ථීක කොමිසම විසින් ආයෝජන සදහා හදුන්වා දී තිබු නීති පද්ධතිය නැවත සක්‍රීය කර දැනට පවත්නා අකාර්යක්ෂම ක්‍රියාවලිය වෙනුවට ක්‍රියාශීලි නීති පද්ධතියක් හදුන්වා දෙන බව ද ජනාධිපතිවරයා පැවසීය. හෙතෙම මෙම අදහස් පළ කළේ හැව්ලොක් සිටි  මිරේකා ටවර් සාප්පු සහ කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමිනි. විදේශ ණය වෙනුවට විදේශ ආයෝජන පිළිබදව අවධානය යොමු කළ යුතුය. අපනයන ආර්ථිකයක් ඇති කිරීම සදහා විදේශ ආයෝජන ඉහල නැංවිය යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම