පාකිස්ථානයේ ගංවතුර විපත් වළක්වා ගැනීමට චීන විශේෂඥ සහය
2022-10-21 11:00:21
Share with:

ගංවතුර විපත් වළක්වා ගැනීමට පාකිස්ථානයට සහය වීම සම්බන්ධයෙන් පාකිස්ථාන අගමැති, චීන විශේෂඥ කණ්ඩායමට ස්තුතිය පළ කරයි.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය Shabazz Sharif මහතා 19වැනිදා පාකිස්ථානයේ ඉස්ලාමාබාද් හි පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ගංවතුර පාලනය සඳහා චීන රජයේ විශේෂඥ කණ්ඩායම හමුවූ අවස්ථාවේ මේ බව පැවසීය.

දරුණු ගංවතුරෙන් පීඩා විඳි පාකිස්ථානයට චීන රජය හා ජනතාව නිසි අවස්ථාවේම ආධාර ලබා දී තිබේ. චීනයට ගංවතුර පාලන කළමනාකරණය පිළිබඳ පොහොසත් අත්දැකීම් හිමි ය. කෙටිකාලීන සහ මධ්‍ය හා දිගුකාලීන ගංවතුර පාලන සැලසුම් සැකසීම සම්බන්ධයෙන් චීන විශේෂඥ කණ්ඩායම පාකිස්ථානයට උපදෙස් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය.

ගංවතුර විපතට මුහුණ දීමේදී චීන රජය පාකිස්ථානයට අඛණ්ඩව සහයෝගය හා සහාය ලබාදෙන බව, පාකිස්ථානයේ චීන තානාපති නොං රොන්ග් මහතා පැවසීය.

පසුගිය ජූනි මැද සිට පාකිස්ථානයේ අධික වර්ෂාපතනයෙන් සිදු වූ විවිධ ආපදා හේතුවෙන් මිලියන 33කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්වූ බව පාකිස්තාන ජාතික ආපදා කළමනාකරණ ඒජන්සි වාර්තාවල දැක්වෙයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම