චීන සමාජවාදී නවීකරණයේ වැදගත්කම සියළු පාර්ශ්ව සමානත්ව ආකාරයෙන් සංවර්ධනයට දායක කර ගැනීමට හැකිවීමයි
2022-10-21 08:05:38
Share with:

ඒ ඒ රටවලට ගැලපෙන සංවර්ධන හා දේශපාලන මාර්ගයන්හී ගමන් කිරීම කාලෝචිත බව දේශපාලන උපදේශිකා ශිරාණි පෙරේරා මහත්මිය පවසයි. මෙවර චීන කොමියුනිස්ට් පක්ෂ 20වන ජාතික කොංග්‍රසයට චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තාවේ චීනයට ආවේණික නවීකරණය කවරාකාරයේ විය යුතු ද යන්න සඳහන් විය. මෙය චීන අනාගත සංවර්ධන අභිලාෂයන්ට ඉතා වැදගත් කරුණක් බව ඇය කියා සිටී.

චීනයට ආවේණික නවීකරණය චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ ඇති සමාජවාදී නවීකරණය යනුවෙන් චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන් අතර එය චීනයට ගැලපෙන සංවර්ධන දිශාවක් ලෙසට තමන් විශ්වාස කරන බව ද ශිරාණි පෙරේරා මහත්මිය කියා සිටී. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් චීනය ලබා ගෙන ඇති දියුණූ දෙස බැලීමේ දී චීනය ගමන් කරමින් සිටින මාර්ගය නිවැරදි බව අවිවාදිතය. චීනය ගමන් කිරීමට අපේක්ෂා කරන සමාජවාදී නවීකරණ මාර්ගය චීනයේ සියවස් දෙකක ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට පුළුල් අඩිතාලමක් වනු ඇතැයි ද ශිරාණි පෙරේරා මහත්මිය කියා සිටී. මෙවැනි සංකල්පයක ඇති වැදගත්කම සියළු පාර්ශ්ව සමානත්ව ආකාරයෙන් සංවර්ධනයට දායක කර ගැනීමට හැකිවීම යැයි ද ඇය පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම