චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය ලෝකයට සාධනීය බලපෑමක් ඇතිකරනු ඇතැයි ජාත්‍යන්තර ප්‍රවීණයෝ පවසති
2022-10-21 10:40:55
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය ලෝකයට වැදගත් බලපෑමක් ඇති කරනු ඇතැයි ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයෝ සහ විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයෝ පවසති. චීනයේ සාර්ථක සංවර්ධන අත්දැකීම් බොහෝ රටවලට උත්තේජනයක් ලබා දෙනු ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.‍

එම කොංග්‍රසය කෙරෙහි තමා අවධානය යොමු කරන අතර, එය කොස්ටාරිකාව ඇතුළු රටවලට ද ප්‍රබල බලපෑමක් ඇතිකරනු ඇතැයි  කොස්ටාරිකාවේ ජනාධිපති Rodrigo Chaves Robles මහතා පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය ලොව පුරා අවධානයට ලක්ව ඇති බව ජපානයේ Murayama ප්‍රකාශනය සුරකින සහ සංවර්ධනය කරන සංවිධානයේ සභාපති Takakage Fujita මහතා කියාසිටී. චීන කොමියුනිස්ට් පක්ෂයේ විශිෂ්ට නායකත්වය හේතුවෙන් චීනය මානව ඉතිහාසයේ කැපීපෙනෙන සංවර්ධන ජයග්‍රහණ අත්කර ගෙන ඇති අතර, සෙසු රටවලට වටිනා අත්දැකීම් ලබා දී ඇති බව ද හෙතෙම සඳහන් කරයි.

ඉන්දියානු ප්‍රවෘත්ති විචාරක කුල්කර්නි මහතා පවසන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයට මහජනතාවගේ සහයෝගය ඇති අතර, එය සිහින යථාර්ථයන් බවට පත් කළ හැකි විශිෂ්ට පක්ෂයක් බවයි. චීනයේ සංවර්ධන ප්‍රවණතාව ඉතාමත් ශක්තිමත් වන බව ද හෙතෙම පෙන්වා දෙයි.



ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම