ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස බොරතෙල් ලබාගැනීම සඳහා රුසියාවෙන් වාණිජ ණය පහසුකමක්
2022-10-21 18:56:21
Share with:

මෙරට ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස බොරතෙල් ලබාගැනීම සඳහා වාණිජ ණය පහසුකමක් සැපයීමට රුසියානු සමූහාණ්ඩුව එකගතාව පළකරයි. රුසියානු සමූහාණ්ඩුවේ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ටිමුර් මැක්සිමොව් මහතා සහ ශ්‍රී ලාංකික ධූත පිරිස අතර මොස්කව් නුවරද පැවති සාකච්ඡාවේදී මෙම එකගතාව පළවිය. ඒ සඳහා අවශ්‍ය නෛතික ලියකියවිලි සම්පූර්ණ කරන ලෙසට  රුසියානු නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලාංකික ධූත පිරිසට දැනුම් දී ඇත.

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම