ඇමරිකාවේ භාණ්ඩ මිල වර්ධනය අඛණ්ඩ ව ඉහළ මට්ටමක
2022-10-20 10:20:48
Share with:

ඇමරිකාවේ භාණ්ඩ මිල වර්ධනය අඛණ්ඩ ව ඉහළ මට්ටමක පවතී. එරට ෆෙඩරල් සංචිතය ඊයේ(19) නිකුත් කළ ආර්ථික තත්ත්වය පිළිබඳ සමීක්ෂණ වාර්තාවේ මේ බව දැක්වෙයි.

ඇමරිකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය තුළ  ශුද්ධ අලෙවියේ තරමක වර්ධනයක් දක්නට ලැබුණද භාණ්ඩ මිල තවමත් ඉහළ මට්ටමක පවතී. ඇතැම් කර්මාන්ත හා කලාප වල ඉල්ලුම් පසුබැසීම් හා ආර්ථික පිරිහීම් සම්බන්ධයෙන් කණස්සල්ල පළ වී ඇත.

සමස්තයක් වශයෙන් ශ්‍රම වෙළඳපොළේ තීව්‍ර තත්ත්වයක් පෙන්නුම් කෙරෙන බව ද එම වාර්තාවේ සඳහන් වෙයි. ආර්ථික පිරිහීම් කෙරෙහි කණස්සල්ල දැක්වීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ව්‍යවසායකයෝ වැටුප් වැඩි කිරීමට ද මැළිවී සිටිති.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම