ලෝක දේශපාලන ක්‍රමයේ නව හැරවුමක් සටහන් කරන චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය
2022-10-20 10:00:11
Share with:

ඔත්තෝබර් 16 වැනිදා ආරම්භ වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙසත්, ධීවර රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් සුබ පැතීමට ලැබීම භාග්‍යයක් බව පියල් නිශාන්ත මහතා පවසයි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙවර  කොංග්‍රසය අනාගත චීනයේ සංවර්ධනය පිළිබඳ වැදගත් අවස්ථාවක් වනු ඇත.

ආසියානු රටක් මෙන්ම ලෝක ආර්ථික බලවතෙකු ලෙස මෙම අවස්ථාව චීනයට වඩා වැදගත් වේ. 1921 වර්ෂයේ දී ඇරඹුණු චීන කොමියුනිස්ට් පක්ෂය, වර්තමානයේ මිලියන 96 ක සාමාජික පිරිසක් නියෝජනය කරමින් ලෝක දේශපාලන ක්‍රමයේ නව පියවරක් සටහන් කර ඇත. ඒ ගමන් මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙවර කොංග්‍රසය හැඳින්විය හැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව හා චීනය අතර ඇත්තේ ශක්තිමත් සම්බන්ධතාවකි. එම සහෝදරත්වයෙන් යුත් සබඳතාව ශ්‍රී ලංකාවේ අනාගතය සංවර්ධන වැඩපිළිවෙළට අත්වැලක් වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද හෙතෙම කියාසිටී. චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙවර ජාතික කොංග්‍රසයේ අභිප්‍රායන් සාර්ථක කර ගැනීමට එම පක්ෂයට හැකියාව ලැබේවායි ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සුබ ප්‍රාර්ථනා කරයි.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම