යුරෝපා ගෑස් වෙලඳපොලවල ස්ථාවරත්වය වැඩි දියුණු කිරීම සඳහා නව පියවර සහිත පැකේජයක්
2022-10-19 18:49:17
Share with:

යුරෝපා කොමිසම යුරෝපා ගෑස් වෙලඳපොලවල ස්ථාවරත්වය වැඩි දියුණු කිරීම සඳහා නව පියවර සහිත පැකේජයක් යෝ‍ජනා කරයි.

මෙම පියවරයන්ට ඒකාබද්ධ ගෑස් මිලදී ගැනීම, ද්‍රව ස්වභාවික ගෑස්  මිල නියම කිරීමේ මිණුම් ලකුණක් නිර්මාණය කිරීම සහ යුරෝපා සංගමයේ සාමාජික රටවල් අතර බලශක්ති සහයෝගතාවන්  ඇතුළත් ය.

ගෑස් භාවිතය සුරැකීමට අඛණ්ඩව උත්සාහ දැරීමේ අවශ්‍යතාව සහ පුනර්ජනනීය බලශක්ති සඳහා ආයෝජනය කිරීමේ අවශ්‍යතාව ද ‍යුරෝපා කොමිසමේ සභාපතිවරිය   අවධාරණය කර සි‍ටී.

සාමාජික රටවල් අතර ගෑස් සැපයුම් සඳහා සම්බන්ධීකරණය නොකළ ලංසු අඩු කිරීම, ගෑස් සඳහා සාධාරණ ප්රවේශයක් සහ මිල ගණන් අඩු කිරීම එම පියවරයන් ට ඇතුළත් ය.

සැපයුම් නීති වල ආරක්ෂාව යටතේ යුරෝපා සංගමයේ සාමාජික රටවල් අතර ද්විපාර්ශ්වික ගිවිසුම් හයක් පමණක් ක්‍රියාත්මක වෙයි.

COVID-19 අර්බුදය සහ රුසියා-යුක්රේන ගැටුම හේතුවෙන් යුරෝපා සංගමය බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටී.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම