රටේ ජනතාවගේ ආදායමෙන් 75%ක් ආහාර සඳහා වියදම් වන බව හෙළිවෙයි
2022-10-19 18:40:24
Share with:

රටේ ජනතාවගේ ආදායමෙන් 75%ක් ආහාර සඳහා වියදම් වන බව ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ දී අනාවරණය වී තිබේ.

නිසි පෝෂණය සහිත ආහාර වේලක් ලැබෙන ප්‍රමාණය රටේ ජනතාවගෙන් පහෙන් එකක් පමණ බව එම කමිටුවේදී අනාවරණය වී ඇත.

ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) රැස්වූ අතර එහිදී මේ බව අනාවරණය වී තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම