ජෛව ආරක්ෂණ තර්ජනයන්ට මුහුණදීමට ඇමරිකාවෙන් පියවර
2022-10-19 10:55:05
Share with:

 ඇමරිකාව ජෛව ආරක්ෂණ තර්ජන වැළැක්වීමේ සැලැස්මක් බලාත්මක කරයි.

‘ජාතික ජෛව ආරක්ෂණ ක්‍රියාමාර්ගය සහ ජෛව තර්ජනයන්ට මුහුණ දීම, මහ පරිමාණ වසංගත මර්දනය කිරීම හා ගෝලීය සෞඛ්‍ය ආරක්ෂාව ඉටු කිරීම පිළිබඳ ක්‍රියා වැඩසටහන’ට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ඊයේ(18) අදාල ජාතික ආරක්ෂක අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.එම සැලැස්ම ඊයේ සිටම බලාත්මක කෙරිණ.

ජෛව තර්ජනය ආරම්භ වූයේ ස්වභාවයෙන් වුවද අනපේක්ෂිත සාධකවලින් වුවද කෘත්‍රිම ලෙස වුවද, ඇමරිකාව ඇතුළු ලොව විවිධ රටවලට ඉන් ගැලවිය සිටිය නොහැකි යැයි කොරොනා වසංගතයෙන් පිළිබිඹු වී තිබෙන බව ජෝ බයිඩන් මහතා කියා සිටියේය. ජෛව තර්ජනයන්ට ලක්වීම වළක්වමින් ජෛව ආරක්ෂාව හා සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා, ඇමරිකාවට පරීක්ෂාව, වැළැක්වීම, සූදානම්වීම ඇතුළු පියවර ගැනීමට සිදු වී තිබෙන බව ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම