දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 11 ක ජනතාවට පීඩා
2022-10-18 18:34:04
Share with:

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 11 ක පවුල් 15600 ක පමණ පුද්ගලයන් 62000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි.

පවුල් 1661 කට අයත් පුද්ගලයෝ 5460 දෙනෙක් ආරක්ෂිත ස්ථාන 33 ක රඳවනු ලැබ සිටිති. ආපදා හේතුවෙන් නිවාස 5 කට පුර්ණ හානි සිදුවී තිබේ. අර්ධ හානි සිදුවී ඇති සංඛ්‍යාව 207 කි.

පීඩාවට පත්වුවන්ට සහන සැපයීමේ කටයුතු අඛන්ඩව සිදු කෙරේ. ඒ සඳහා මහා භාණ්ඩාගාරය මුදල් ලබාදී ඇත. එම මුදල් අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලබාදී ඇතැයි හෙතෙම කියයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම