යුරෝපා රටවල් 37කට බරපතල කුරුලු උණ රෝගයෙන් පීඩා
2022-10-18 10:32:34
Share with:

2021 වසරේ සිට 2022 වසර දක්වා, වාර්තා වූ විශාලතම මෙන්ම අතිශය බරපතල කුරුලු උණ රෝගය යුරෝපය පුරා ව්‍යාප්ත වෙයි. යුරෝපා රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පසුගිය දා වාර්තාවක් නිකුත් කරමින් මේ බව හෙළිකළේය.

මෙම කාලසීමාව තුළ කුරුලු උණ ආසාදිත සිද්ධින් 2,467 ක් හඳුනාගැනුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පක්ෂීන් මිලියන 48 ක් මරා දමා ඇත. යුරෝපා රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය, යුරෝපා සංගමයේ ආහාර සුරක්ෂිතතා අධිකාරිය සහ යුරෝපා සංගමයේ කුරුලු උණ විමර්ශන රසායනාගාර දත්ත මේ බව පෙන්වා දෙයි. මේ වන විට, යුරෝපා රටවල් 37ක් අතිශය පීඩාකාරී කුරුලු උණ රෝගයේ බලපෑමට ලක්ව ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම