වගා ණය නිකුත් කිරීම ඇරඹේ
2022-10-18 18:35:10
Share with:

ඉදිරි මහ කන්නය සඳහා ගොවීන්ට ගොවි බැංකු මගින් වගා ණය නිකුත් කිරීම ඇරඹේ. නෙටොල්පිටිය ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයේ දී පසුගිය සිකුරාදා එම වැඩසටහන ආරම්භ කෙරිණ.

මෙවර මහ කන්නයේ දී වගා කිරීමට සැලසුම් කර ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටාර තුන්ලක්ෂ 14 දහස් 673 කි. 2022/23 මහ කන්නය සඳහා වගා ණය නිකුත් කිරීම සංකේතවත් කරමින් ඇමති මහින්ද අමරවීර මහතා අතින් ණය ලබා දීම සිදු විය.

වගා ණය නිකුත් කිරීම ගොවිජන බැංකු නියමු ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ. මෙම වසර තුල වගා කටයුතු සඳහා ගොවි බැංකු මගින් රුපියල් මිලියන 7124 ක් ගොවීන් දෙලක්ෂ හත් දහසකට පමණ නිකුත් කර ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම