දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයක් පිහිටුවීමට රජය තීරණය කරයි.
2022-10-17 18:32:47
Share with:

ශ්‍රී ලංකාවද නිරන්තරයෙන් දේශගුණ විපර්යාසවලට මුහුණදෙන රටක් වන හෙයින් අනාගතයේ සිදුවිය හැකි දේශගුණික විපත් කළමණාකරණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි එම කාර්යාලය පිහිටුවීමට නියමිතය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ පිහිටුවනු ලබන එම කාර්යාලය මගින් මෙරට දේශගුණ අභියෝගයන්ට මුහුණදීම සඳහා සැලසුම් සකස් කිරීම මුලික අරමුණ වී තිබේ.

දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට සහ දේශගුණික විපර්යාසවලට මුහුණදීම සම්බන්ධයෙන් වන පනතක් ද ඉදිරියේ දී කෙටුම්පත් කොට පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට නියමිත බව ද වාර්තා වේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම