දිස්ත්‍රික් මට්ටමින් විශ්‍රාමික සත්කාරක පියස මධ්‍යස්ථාන
2022-10-17 18:31:48
Share with:

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා කිසිදු නිලධාරියෙකුට මින් ඉදිරියට ඊට අදාළ කටයුතු සදහා කොළඹ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණීමට සිදු නොවන බව විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා කියයි. දිස්ත්‍රික් මට්ටමින් ස්ථාපිත කරන විශ්‍රාමික සත්කාරක පියස මධ්‍යස්ථාන මගින් ඊට අදාළ සියලු කටයුතු කඩිනමින් ඉටුකර ගැනීමට ඔවුන්ට හැකිවෙයි. දැනටමත් අනුරාධපුරය, මාතර, බදුල්ල හා මහනුවර යන දිසා ලේකම් කාර්යාලවල විශ්‍රාම සත්කාරක පියස මධ්‍යස්ථාන විවෘත කර තිබේ. කුරුණෑගල දිසා ලේකම් කාර්යාලයේදී විශ්‍රාම සත්කාරක පියස මධ්‍යස්ථානයක් පසුගියදා විවෘත කරමින් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙම කරුණු සදහන් කළේය. අලුතින් විශ්‍රාම ගන්නා රාජ්‍ය සේවකයන්ට මෙන්ම විශ්‍රාමිකයන්ටද අවශ්‍ය සියලු කටයුතු මෙම මධ්‍යස්ථාන මගින් ඉටු කරගත හැකිය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම