ලබන වසරේ සිට කෘෂිකර්මාන්තය නවිකරණය කිරීමේ වැඩසටහන ක්‍රියාවට නංවන බව ජනපති කියයි
2022-10-17 18:33:55
Share with:

සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය ඉවත දමා ආහාර සුරක්ෂිතතාව ඇති කර ජනතාවගේ ආහාර ගැටලුව විසදන වැඩපිලිවෙලට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. හෙතෙම මේ බව සදහන් කළේ ආහාර සුරක්ෂිතාවය හා පෝෂණය සහතික කිරීම සදහා ග්‍රාමීය ආර්ථික කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබද අම්පාර දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමිනි. මේ වන විට ඉතා අසීරු කාලයක් පසුකරමින් සිටිය ද කිසිවෙකු කුසගින්නේ නොතබන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. ජාතික ආහාර නිෂ්පාදන වැඩපිලිවෙල සාර්ථකව ඉදිරියට ගෙන යමින් ලබන වසරේ ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට ශක්තිමත්ව මුහුණ දිමේ වැදගත්කම ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. ලබන වසරේ සිට කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ වැඩසටහන ක්‍රියාවට නැංවේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම